Sunday, September 4, 2011

ගඩාෆිගේ සුරෑපිනියන්!!

ව්දෙස් මාධ්‍ය සේවා බොහොමයක මෙය පලවුනා.. තවත් බොහෝ නාලිකාවල මෙය ප්‍රචාරය වුණා.
මාත් ඉතිං මගේ යාලුවන්ටත් මේ කතාව කියන්න හිතුවා.

සිදුවීම :-  ගඩාෆි කාන්තා බලඇණියේ සෙබලියන් කැරලිකරැවන් අත්අඩංගුවට පත්වීම.



නිස්රීන් මන්සූර්
නිස්රීන් මන්සූර් විදෙස් මාධ්‍යෙව්දියන්ට කියාසිටියේ කැරලි කරැවෝ ට්‍රිපෝලි අගනුවර අත් පත් කරගනිමින් සිටින අවස්ථාවේ ලිබියා හමුදා අත්අඩංගුවට පත් කැරලිකරැවන් යැයි සැක කල 19 දෙනකු තමා විසින් මරා දැමීමට සිදුවු බවයි.

ඇයට සවන් දෙමු (නිස්රීන් මන්සූර්)
ගඩාෆි ආරක්ෂක සෙබලියන්
     "" ඔවුන් මට කීවා ඔවුන්ට වෙඩි නොතිබ්බොත් මට මැරෙන්න වේවි කියායි.. මුලින්ම එක්කෙනෙක්ව ගෙනත් මට මරන්න කිව්වා.අකමැත්තෙන් නමුත් මම ඔහුට වෙඩි තිබ්බා. ඊට පස්සේ තව කෙනෙක් ගෙනවා මං ලගට. කලින් සිරැර දැකලා එයා හොදටම බය වුණා. එයා දැනගත්තා ඔහුට අත්වන ඉරණම මොකක්ද කියලා.මම ඔහුටත් වෙඩි තිබ්බා""  

"" කැරලිකරැවන් ට්‍රි‍පෝලි වලට කඩා වැදිච්ච වෙලාවේ මම ඔවුන්ට මේ විස්තර ටික කිව්වා.ඔවුන් සිටින්නේ මා සමග වෛරයෙන්. මගේ ඉරණම මොකක් වෙයිද කියලා දැන් මමවත් දන් නෑ"" නිස්රීන් පැවසුවේ හැඩූ කදුලෙනි.

ඇයගේ පවුල් පසුබිම දැනගත්තෙකුට මැය කෙසේ ගඩාෆි හමුදාවෙත් සම්බන්ධ වූවේ දැයි පැනයක් පැන නගී.

ඇයගේ මාපියන් මැයන් කුඩා කාලයේදිම වෙන්වී ඇත. පියා පසුව කරගත් විවාහයෙන් ලැබුණු කුඩම්මා පිලිබද මැයට කැමැත්තක් නොතිබිණී. මෙම නිසා මැය සිය මව කරා ගොස් ඇත. මැගේ මවගේ හොදම යෙහෙලිය වූයේ ෆාතිමාය. ෆාතිමා ගඩාෆි කාන්තා බල ඇණියේ නායිකාව වූවාය. ඇය විසින් නිස්රීන්ගේ අනාගතය තීරණය කරන්නට විය. ඒ නිස්රීන්ව කාන්තා බල ඇණි සෙබලියක් ලෙස බදවා ගැනීමෙනි.
නිසුරීන් පුහුණුව ලැබුයේ ස්නයිපර් තුවක්කුකාරියක් ලෙසිනි.

ගඩාෆිගේ සැගවිල්ල


ලිබියානු නායක ගඩාෆි තවමත් අතුරැදන්ව සිටී. ඔහුගැන කිසිදු ආරන්චියක් තවමත් නැත. ගඩාෆි සෙවීමේ තියුණු මෙහෙයුමක් American CIA සංවිධානය විසින් දියත් කර ඇත. එමෙන්ම "" ජාතික අන්තරවාර මණඩලය "" නිකුත්කර ඇත්තේ ගඩාෆි ජීවග්‍රහයෙන් හෝ මරා අල්ලා දෙන්නකුට American Dollar 17 lax ගෙවන බවයි.

ගඩාෆිගේ බිරිද, දියණිය හා පුතුන් දෙදනකු ඇල්ජිරියානු දේශ සීමා හරහා ඇලුජීරියාවට පැමිණ ඇති බව ඇලිජීරියානු විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත. එමෙන්ම ගඩාෆි පුත් කමීස් කැරලිකරැවන්ගේ ප්‍රහාර වලින් මිය ගිය බවට රාවයක් පැතිරැණද එය සානාත කිරීමට නොහැකි රවයකි.


2 comments:

Post එක හොද නම් දාන්න comment එකක් යාලුවනේ